gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් පාලන සභික නාමලේඛන ගැසට් එක එයි !

දිස්ත්‍රික්ක 24ක පළාත් පාලන ආයතන සඳහා තේරීපත්ව සිටින සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍ර ඊයේ (15දා) රාත්‍රි නිකුත් කෙරිණි.

එක් දිස්ත්‍රික්කයක් සඳහා එක් ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ.

අදාළ ගැසට් පත්‍ර සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සභික
නාම ලේඛනය ගැසට් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මෙම ගැසට් පත්‍ර නිකුත් කිරීම මාර්තු 20දා වනවිට සිදුකරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබිණි.

කාන්තා නියෝජනයෙහි අඩුපාඩු පවතින පළාත් පාලන ආයතනද ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ බවත් කාන්තාවන්ට ඡන්ද නොලැබීම නිසා නියෝජනය අඩුවීම පළාත් පාලන ආයතනයක් ස්ථාපිත කිරීමට හේතුවක් නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

(මව්බිම)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka