gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් විකිණීමේ තීරණය හකුලගනී !

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට කලින් ගෙන තිබු තීරණය අත්හැරීමට රජය තීරණය කර තිබේ.

රජය විසින් එළඹ තිබෙන නව තීරණය අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය - පෞද්ගලික පොදු සමාගමක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

වෘත්තීය සමිති, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රැකියා වල නියුතු පාර්ශව හා ආර්ථික උපදේශකයන් විසින්
දුන් කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මත්වරුන් ඉහත තීරණයට එළැඹ සිටිති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන නව ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගමක් තෝරාගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිතව ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතයි.

ජනාධිපති හා අගමැති සිටින ස්ථාවරය අනුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට අදාල ඉදිරි කටයුතු රාජ්‍ය ව්‍යවසාය කටයුතු නව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.

(ලංකාදීප)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka