gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් සමාගම සතු ශ්‍රී ලංකාවේ ගිණුම්වල තොරතුරු හෙළිවෙයි

ෆේස්බුක් සමාගම ශ‍්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් මගින් මාසිකව උපයන ආදායම රුපියල් කෝටි 50ක් පමණ වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ෆේස්බුක් ගිණුම් හිමියන් වෙත දැන්වීම් ප‍්‍රදර්ශනයෙන් සහ ඇතැම් ෆේස්බුක් ගිණුම් හිමියන් ව්‍යාපාරික හා ප‍්‍රචාරණ අරමුණු සඳහා පළ කරන දැන්වීම් මගින්
මෙම ආදායම උපයාගන්නා බවයි අනාවරණ වී ඇත්තේ.

මෙරට පුද්ගලයන්ට අයත් ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව මිලියන 6.5 ක් වන බවටද ගණන් බලා තිබෙනවා. ඒ අතරින් දිනපතා ක‍්‍රියාකාරී වන ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවනවා.

මෙරට එක් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් මගින් එම සමාගම උපයා ගන්නා වාර්ෂික දළ ආදායම අමෙරිකානු ඩොලර් 01ක් හෙවත් රුපියල් 150ක් පමණ වන බවද එම අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.

ඉන්දියාවේ එක් ෆේස්බුක් ගිණුමක් මගින් ෆේස්බුක් ආයතනය උපයා ගන්නා ආදායම ඉන්දීය රුපියල් 16ක්. ආසියා ශාන්තිකර කලාපීය එක් ගිණුමකින් ෆේස්බුක් සමාගම උපයා ගන්නා වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 2.9ක් පමණ වන බවයි හෙළිවී ඇත්තේ.

ෆේස්බුක් සමාගම දකුණු ආසියානු කාලපීය රටවලින් උපයා ගන්නා ඒක පුද්ගල ආදායම අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි.  මෙවැනි ආදායමක් අමෙරිකානු සමාගමක් වන ෆේස්බුක් ආයතනය උපයා ගත්තද එමගින් රජයට කිසිඳු බදු ආදායමක් හිමි වන්නේ නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka