gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඩුවම් ලද නිසා නායක චන්දිමාල් නිදහස් තරග 2 කින් ඉවතට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පෙරේදා (10දා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් නියමිත කාලය තුළ
පන්දුවාර ගණන සම්පූර්ණ නොකිරීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකක් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අයි.සී.සී. තරග තීරක ක්‍රිස් බ්‍රොඩ් විසින් ඊයේ සවස කරන ලද කරුණු
විමසීමකින් පසුව මෙම තීරණය ගත් බවද පැවැසේ.



මේ අනුව නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ අද (12දා) පැවැත්වෙන තරගය සහ මාර්තු 16දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වන අතර එම තරග දෙකට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත් කර ඇත.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීති රීතිවලට අනුව විස්සයි - 20 ජාත්‍යන්තර තරගයකදී මිනිත්තු 75ක් තුළ නියමිත පන්දුවාර විස්ස සම්පූර්ණ කළ යුතු අතර අයි.සී.සී. රෙගුලාසිවලට ඇතුළත් 2.5.2 වගන්තිය උල්ලංඝණය කිරීම නිසා මෙම දඬුවම පනවා ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka