gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..- අගමැති

ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (11දා) පැවති ආගමික
උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව  පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

‘ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතියයි. මේ සිදුවීම හරහා අප ලෝකයේ වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වගේම මෙය දකුණු ආසියාවේ ජීවත් වන අනෙකුත් බෞද්ධ ජනතාවටත් බලපානවා. මෙම විනාශකාරී ක්‍රියාව පිළිබඳ පණිවුඩය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිර ගොස් තිබෙනවා.

කොළඹ නගරයෙන් පසු සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන නගරයක් ලෙස නුවර නගරය හැඳින්විය හැකියි. එමෙන්ම සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අරාබි ජාතිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් නුවරට පැමිණෙනවා.

නමුත් පසුගිය දිනවල නුවර ප්‍රදේශයේ  ඇති වූ තත්ත්වය මත සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.  මෙම ගැටලුව පිළිබඳව වහා අවධානය යොමු කර නුවර නගරය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න යැයි නුවර ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය මුල්කරගෙන ත්‍රිරෝද රථ ව්‍යාපාරයේ නිරත වන බොහෝ සිංහල පිරිස් මා සමග පවසා සිටියා. මෙම තත්ත්වය තවදුරටත් පැවතුණොත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වන නිසා ආදායම් නොමැතිව දින ගණනාවක් ජීවත් වන්නේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කරනවා. එසේ නම් මේ හරහා විශාල පාඩුවක් සිදු වූ බව අප පිළිගත යුතුයි.

මෙම ගැටලුව ආරම්භ වුණේ එක් සිංහල රියදුරෙකුට බීමත්ව සිටි මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු පහරදීම නිසයි. එම සිදුවීමට අදාළ වරදකරුවන් වහාම නීතිය හමුවට ගෙන එන්නැයි මම පොලීසියට පැවසුවා. වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ශීඝ්‍ර කළ යුතුයි. ඒ වගේම මේ ගැටලුව ව්‍යාප්ත කිරීමට කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක කරනවා. කෙසේ නමුත් මෙම සිදුවීම නුවර ප්‍රදේශයට පමණක් සීමා වුණා. මෙම අර්බුදකාරී තත්ත්වය නුවරින් ආරම්භ වී රට පුරා පැතිරී යනු ඇතැයි බොහෝ දෙනා තුළ බියක් ඇතිව තිබුණා. එවැනි සැකයක් අප තුළත් ඇතිව තිබූ බව පැවසිය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. එය නවත්වා ගැනීමට අපට හැකි වුණා.” යැයි ද පවසා සිටියේය.

– ada.lk

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka