gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉබි ගමන වෙනස් වෙයි - චීන අවන්හලෙන් විල්පත්තුවට

ආඩිගම - තිඹිරිගොල්ල,වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද  කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මියගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැරීම සඳහා කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත බාර
දීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

සිදී යමින් ඇති වන්නියාකුලම වැවේ සිටින ඉබ්බන් අල්ලමින් සිටි  සැකකරුවන් දෙදෙනෙකුවද, පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

ඔවුන් වෙන්නප්පුව - මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනාට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000 ක දඩ මුදලක්ද, ආණමඩුව මහේස්ත්‍රාවරිය විසින් නියම කර තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති චීන අවන්හල් සඳහා ගෙන යාමට තමන් ඉබ්බන් අල්ලා ගත් බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.

පල්ලම පොලීසියේ බුද්ධි අංශ‍යේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  මෙම වැටලීම සිදු කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka