gossip lanka

රටේ ණය ගණනය කිරීමේදී ගැටළුවක්

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ගණනය කිරීමේදී ගැටළු සහගත තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මේ වන විට ක්‍රියාත්මක නොවන බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සහ
තවත් ආයතනවලට පරිබාහිරව ලබා ගත් ණය පිළිබඳව වාර්තා නොවීම ඊට හේතුවයි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු කියා සිටියේ, මෙම දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව, මහා භාණ්ඩාගාරයේ සහතික වීම මත සෘජු ණය ලබා ගත හැකි බවයි.

එවැනි ණය සම්බන්ධයෙන් වන විස්තර එම දෙපාර්තමේන්තුව සතුව නොමැත.

භාණ්ඩාගාර බිල්පත් වල විදේශිකයින් ආයෝජනය කර ඇති මුදල් ද විදේශ ණය ලෙසින් සැලකිය හැකි බව එම නිලධාරියා පැවසීය.

මෙම සියළුම ණය සම්බන්ධයෙන් වන තොරතුරු එක් ආයතනයක අධීක්ෂණය යටතේ එක්රැස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව ද හෙතෙම කියා සිටියේය.

2017 අංක 12 දරන නව විදේශ විනිමය පනත යටතේ පිහිටවූ එම ආයතනය මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ.


gossip lanka