gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොර සිගරට් වෙළෙඳ පොළට

තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් ( සිගරට් 3000 ) සමග සැකකරුවන් දෙදෙනෙකු කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස්ථානය වෙත භාර දි ඇත.

මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් 45 – 28 වයස්
කාණ්ඩ වල අය බව සදහන් වේ. මෙම දුම්වැටි ප්‍රවාහනය සදහා යොදවා ගත් කාර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිගරට් ජාවාරම කලක සිට සිදුකරන ලද්දක් බවට තොරතුරු අනාවරණයවේ. මොවුන් විසින් මෙම දුම්වැටි කලුතර, බණ්ඩාරගම, හොරණ, බේරුවල යන ප්‍රදේශ සදහාද බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවට වැඩිදුරටත් සදහන් වේ.

මොවුන් දෙදෙනා කලුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07) ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බණ්ඩාරගම පොලිස්ථානය මගින් සිදුකරනු ලැබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka