gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාජුඩීන්ගේ පරිගණක රස පරීක්ෂාවට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ට තර්ජනය කර ඊ මෙල් පණිවිඩ හා බද්ධ කරනු ලැබූ ඡායාරූප එවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහු භාවිතා කරන ලද ලැප්ටෝප් යන්ත්‍ර දෙක හා ඩෙස්ක් ටොප් පරිගණකය රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය ඊයේ(28) නියම කළාය.
තාජුඩින්ගේ සමීප මිතුරන්ගේ ප්‍රකාශ මත ලද තොරතුරු අනුව ඔහු මියයාමට පෙර තර්ජනය කිරිම් හා බද්ධ කරන
ලද ඡායාරූප එවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා මෙම ලැප්ටොප් හා පරිගණක යන්ත්‍ර රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණය වෙත ඉල්ලීම් කර තිබිණි.
වර්ෂ 2012/1/1 සිට 2012/5/17 දක්වා කාලය තුළ දී මේ යන්ත්‍ර තුළ අන්තර්ගත ව තිබූ දත්ත සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
තාජුඩින් පුද්ගලික ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන "සිටු ක්‍රියේෂන්" නැමැති ආයතනයේ සේවය කළ බවත් මහනුවර "මිරා ට්‍රැවල්ස්" ආයතනයේ තිබී ලැප්ටෝප් යන්ත්‍ර දෙක හා කුරුණෑගල අස්ලිය විදේශ රැකියා ආයතනයේ තිබී ඩෙස්ක්ටොප් පරිගණක යන්ත්‍රය රහස් පොලිසිය සිය භාරයට ගෙන ඇත.
මෙහි ඇති සැකසහිත ඊමේල් හා ඡායාරූප සම්බන්ධ වාර්තාවක් කැඳවීමට රහස් පොලිසියේ සැරයන් රන්තප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි‍යේය.
වසිම් තාජුඩින්ගේ දුරකථනයට 2012/5/17 වැනි දින රාත්‍රි 12.32කට 0773554441 දරණ අංකයෙන් මිස් කොල් ඇමතුමක් ලැබී ඇති බවත් ඊට අදාල විස්තර දුරකථන වාර්තාවල ද සදහන් නොවන බැවින් කාර්මික උපකරණ හා කුළුණ පිළිබඳ සටහන් රහස් පොලිසිය වෙත ලබා දෙන ලෙසට ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ද රහස් පොලිසිය ඉකුත් පෙබරවාරි 16 වැනි දින අධිකරණයෙන් ඉල්ලා තිබේ.
1979 අංක 15අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka