gossip lanka

බාප්පාගේත් පුතාගේත් ජන්ද ප්‍රථිපල සමාන නිසා වෙච්ච වැඩේ

මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හම්මිල්ලෑව
කොට්ඨාසයේ එජාප අපෙක්ෂක සුරංග රත්නායක හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක අනුර ප්‍රභාත් රත්නායක යන අපේක්ෂකයින්ටයි.

මේ දෙදෙනාම ඡන්ද 1681 බැගින් ලබාගෙන තිබෙන බවත් සදහන්.

සුරංග මහතා ප්‍රථම වරට ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වූ අතර වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. අනුර මහතා එම සභාවේම හිටපු සභාපතිවරයෙක්. ඇති වූ සමාන තත්ත්වය මත අදාළ කොට්ඨාසයේ මන්ත්‍රිවරයා තේරීම සඳහා අනුරාධපුර තේරීම් බාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා අදාල පක්ෂවලින්  බලය පැවරූ නායකයින් හා සාකච්ඡා කර කුසපත් ඇද තිබෙනවා.

gossip lanka