gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ප්‍රබලයෙක්ගෙන් ජනපතිට අනතුරු ඇගවීමක්

මැතිවරණ ප්‍රතිඵලයත් සමග ජනමතයේ වෙනසක් ඇතිවී තිබෙන නිසා කළ යුත්තේ කුමක්දැයි ජනාධිපතිවරයා කල්පනා කළ යුතු බවත් අගමැතිවරයා ඉවත් කර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


“එහෙම නැත්නම් අපි ආරම්භ කළ සටන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මහින්ද මහත්තයා අගමැති කර රටේ නායකත්වයට ගෙනෙන සටනට පෙල ගැහිලා අවශ්‍ය කටයුතු ඉදිරි කාලයේදී කරනවා.“ යැයි ඒ මහතා කියයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන පත්තලගෙදර විද්‍යා පීඨයේදී අද (11) මාධ්‍ය අමතමිනි.

ඒ මහතා මෙසේද කීය.

“පසුගිය ක්‍රමයට මේ මැතිවරණය තිබුනානම් තුනෙන් දෙකේ ජයග්‍රහණයක් වෙනවා. දැන් ආණ්ඩුවට මේ පිලිබදව කල්පනා කරන්න වෙනවා. ජනාධිපති කෙනකුට මම කියන්න හොද නැහැනේ. එතුමා තේරුම් අරගෙන කළ යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයාත් එක්ක නම් තමන් මොන තනතුරක හිටියත් කළ යුත්තේ පක්ෂයේ සභාපතිකම මහින්ද මහත්තයාට දෙන එකයි.මමනම් කරන්නේ එහෙමයි.මේ ආණ්ඩුව පටන් ගත් දා ඉදන්ම විකෘති ආණ්ඩුවක්. බලහත්කාරයෙන් ගැට ගහපු එකක්.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

(තිලකරත්න දිසානායක, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ උපාලි රණවීර)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka