gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් වික්‍රමසිංහ 30 වැනි වතාවටත් පැරදුණා-කෙහෙළිය

රනිල් වික්‍රමසිංහ මහතා 30 වන වතාවටත් පැරදී ඇති බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අනාගතය කුමක්ද කියා සිතන්නට දැන් කාලය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ සිතා සිටියේ වාමාංශික බලවේගයක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ වීම නිසා තමන් හට බලයක් ලැබෙනු ඇතැයි කියලා.ඒත් එසේ වුණේ නෑ.අපි මැතිවරණයක් ඉල්ලුව අපි පාර්ලිමේන්තුවෙ විප්ලව කළා .මැතිවරණ කාර්යාලයට පස් හය වතාවක් ගියා උද්ඝෝෂණ කළා
.මේ මැතිවරණය අපට දීපු එකක් නොව අපි බලෙන් ලබාගත් එකක්.මේ මැතිවරණය ලබාගත්ත වගේම රටේ පාලනයත් ලබාගන්නවා.එය ඊලග ඉලක්කයයි.“

රටේ තිබෙන ඉතා ප්‍රබලම දේශපාලන පක්ෂ 3 ක් එක් පුද්ගලයකු ඉදිරියේ පරාජය වු බවත් වර්ථමාන යහපාලනයට රටේ බහුතර ජනතාව ‘දැන් ඇති උබල මේ කරපු විනාශය නවත්තල පලයන් ‘ කියා ප්‍රබල පණිවිඩයක් දුන් බවද ඒ මහතා පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවැසුයේ අද (11) මහනුවරදී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදීය.

“වත්මන් රජයට විකෘති වි ඇති පාර්ලිමේන්තුවක් තුළ මේ සුසංයෝගයට පවතින්නට බෑ.එයට හේතුව මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පසුපෙල කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාට නැතිවෙන්නට ගැසීමයි.රනිල්ගෙ පසුපෙල කණ්ඩායමත් ඒ වගේමයි.එකිනෙකා ගසා ගනිමින් එයාලා මේක එක ආණ්ඩුවක් කියලා කියාගන්නවා.එවන් රජයකට පවතින්නට බැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය  නොගන්නේ ඇයිදැයි මාධ්‍යෙව්දියකු විමසු විට මන්ත්‍රීවරයා මෙසේ කීය.
“කාලය, දීපය, දේශය කියල එකක් තියෙනවා. බොහොම පැහැදිලිව පස්මහ බැලුම් බලල තමා ඒ තින්දුව ගන්න ඕන ඒක ඉතිහාසේ අපේ සංසකෘතියේම තියෙන දෙයක් .ඒ සම්බන්දව අවශ්‍ය වේලාවට තිරණය ගන්නවා.“


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka