gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොට්ඨාස 65කට STF ආරක්ෂාව

මැතිවරණ කොමිසම සහ ආරක්ෂක අංශ විසින් විශේෂයෙන් හඳුනාගත් මැතිවරණ බල ප්‍රදේශ 65ක් සඳහා විශේෂ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ (STF) සෙබළුන් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශ තුළ ගැටුම් ඇතිවෙතැයි මැතිවරණ කොමිසමටත් ආරක්ෂක අංශවලත් තොරතුරු ලැබී ඇති නිසා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
සමස්ත ඡන්ද රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,758ක සංඛ්‍යාවක්ද යෙදවීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අනාවරණය කළේය.

ඉන් ඡන්ද මධ්‍යස්ථාන 13,420 සඳහා පොලිස් නිලධාරීන් 26,840ක සංඛ්‍යාවක් යොදවන බවද ඔහු කීය.

එසේම මුර සංචාර 3,225ක් යොදවා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අවශ්‍ය ස්ථානවලට යුදහමුදාව කැඳවීමටද සැලසුමක් ඇතිබවද මේ අතර වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka