gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද ප්‍රතිඵල පළාත් පාලන මට්ටමින් : පළමු ප්‍රතිඵලය රෑ 12.00ට

මෙවර මැතිවරණ කොමිසම විසින් ලබාදෙන්නේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නොව අදාළ පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.

සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව එම ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

 ඡන්ද පොළේදීම ඡන්දය ගනියි !

අදාළ ඡන්ද කොට්ඨාසයේ ඡන්ද පෙට්ටි එක ස්ථානයකට රැගෙනවිත් වෙනවෙනම ගණනය කරන බවත් ඊටපසුව අදාළ කොට්ඨාසයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවට අනුව කොට්ඨාසයේ ජයග්‍රහකයා කවුරුන්ද යන්න එතැනදීම බලයලත් නිලධාරියා විසින් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.

එම ප්‍රකාශනයෙන් පසුව අදාළ ප්‍රතිඵල තේරීම් බාර නිලධාරියා වෙත යොමුකරන අතර තේරීම් බාර නිලධාරියා විසින් සියලු කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵල අනුව අදාළ පළාත් පාලන ආයතනයේ ජයග්‍රාහී කණ්ඩායමේ සිට කොට්ඨාසයේ ජයග්‍රහණයන් ගැන සලකා බලා ලැයිස්තු මන්ත්‍රීවරුන් තීරණය කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඉන් අනතුරුව තේරීම් බාර නිලධාරියා විසින් අදාළ පළාත් පාලන ආයතනයේ සහ කොට්ඨාසවල ප්‍රතිඵල කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කොට අවසන් ප්‍රතිඵලය නිකුත් කරන බව මොහොමඩ් මහතා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka