gossip lanka

පොහොට්ටුව සමග තොන්ඩමන් අලුත් දීගයක යයි

හැටන් දික්ඔය නගර සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලංකා කම්කරු කොංග්‍රසය හැටන් -
දික්ඔය නගර සභාවේ ආසන 2 ක් සහ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙකක් හිමිකරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව ප්‍රසාද මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තා.

මේ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය හැටන් - දික්ඔය නගර සභාවේ සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka