gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව අතට හේත්තුවූ බණ්ඩාරවෙලත් දිනුම්

පළාත් පාලන ඡන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ (10) මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ලැබූ පරාජය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

එජාපය කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්,
හම්බන්තොට, බදුල්ල, වත්තල, මීගමුව, කොළොන්නාව, පානදුර යන නගර සභා ද, බදුල්ල, කුලියාපිටිය හා පස්සර ප්‍රාදේශීය සභා දිනා ගැනීමට සමත්ව ඇති බව ඔහු කියා සිටී.

එසේම තිරප්පනේ, මහරගම හා මහියංගනය ජය ගෙන ඇත්තේ පොහොට්ටුවේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් බවද ඔහු හෙළිකර සිටී.

පොහොට්ටුව හා ශ්‍රීලනිප එක්ව බණ්ඩාරවෙලට නගර සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ද ජයගෙන ඇති බව පැවසේ.

අනුරාධපුර, පුත්තලම, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මොණරාගල, ගාල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්ක මුළුමනින්ම පොහොට්ටුව විසින් ජය ගෙන ඇත.

මාතලේ නගර සභාව හැර අන් සියලු ආයතන පොහොට්ටුව දිනා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල හා මීගමුව නගර සභා හැර අන් සියල්ල පොහොට්ටුව දිනා ඇත. කළුතර දිස්ත්‍රික්යේ පානදුර නගර සභාව හැර අන් සියල්ල දිනා ඇත්තේ ද, පොහොට්ටුවය.

ශ්‍රීලනිප ට පෙළොන්නරුව නගර සභාව, පොළොන්නරුව (තමන්කඩුව ප්‍රා.ස.,) අක්කරේපත්තු (අශ්වයා) යන ආයතන හි ජයග්‍ර‍හණය හිමිවී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි.

මුතූර් ප්‍රා.ස. මුස්ලිම් කොන්ග්‍ර‍සය විසින් ජයගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම සිංහල කොට්ඨාශ පොහොට්ටුව ජයගෙන ඇත.

ජනාධිපතිවරයා නියෝජනය කරන පෙළොන්නරුව නගර සභාව හා ප්‍රාදේශීය සභාව හැර අන් සියල්ල පොහොට්ටුව ජය ගෙන ඇත.

තහවුරු කර නොමැති නමුත්, මේ අනුව ලැබී ඇති කොට්ඨාස ප්‍ර‍තිඑල අනුව එජාපයට ජය ගත හැකි උපරිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 20 කට මදක් අඩු හෝ වැඩි වනු ඇත.

ද්‍ර‍විඩ ජාතික සන්ධානය ආයතන 30 කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගනු ඇති අතර ස්වාධීන කණ්ඩායම් හා මුස්ලිම් කණ්ඩායම් 20 ට ආසන්න ආයතන සංඛ්‍යාවක් ද,
පොහොට්ටුව පළාත් පාලන ආයතන 260-270 ට ආසන්න ප්‍ර‍මාණයක් ද ජයගනු ඇතැයි අනුමාන කෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka