gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

70 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩය

මීට දශක 07 කට ප්‍රථම දිනාගත් නිදහස වඩාත් ධරණීය සහ අර්ථාන්විත නිදහසක් බවට පත් කර ගැනීමට අප අධිෂ්ඨාන කර ගත යුතුය. මේ රටේ නිදහස ලබාගැනීමට සියලු ජාතින් කැපවිය. එදා වීර කැප්පෙටිපොල, වීර පුරන්අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා වැනි වීරයින් මෙන්ම මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, සිද්ධි ලෙබ්බේ, ටි.බී. ජයා, පොන්නම්බලම් රාමනාදන්, ජේම්ස් පිරීස් වැනි දේශමාමක නායකයින් නිදහස ලබාගැනීම සදහා දේශවාත්සල්‍යයෙන් කටයුතු කළහ.

දිනු නිදහස වඩාත් ශක්තිමත් වන්නේ ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමග ඒකාත්මීයව කටයුතු කිරීමෙනි. ජාතිවාදය වැපිරීමෙන්, සමගිය නොමැතිවීමෙන් වන්නේ රට තවත් අගාධයට තල්ලුවීමය. මිනිසාට නිදහස, සාමය වාගේම ගෞරවයෙන් ජීවත්වීමට අවශ්‍යයය.

මා එදත් එදත් සිටින්නේ ජාති භේද පසෙක තබා සැමට සාධාරණව ගෞරවනිය ලෙස ජීවත්වීමට අවශ්‍ය රටක් තිබිය යුතුය යන ස්ථාවරයේයි. “අභිමානයෙන් නිදහස සමරමු” මේ අප හැමදාමත්ම කියන දෙයයි. අභිමානය ලගාවන්නේ සමගියෙන් ජාති භේද පසෙක තබා එකම ජාතියක් ලෙස ක්‍රියා කළොත් පමණි. එමෙන්ම සියලු දෙනාටම නොවෙනස්ව සැළකීමෙන් සහ ගෞරවය ලබාදීමෙනි.

නීතිය, සාමය සහ සංහිදියාව සුරකිමින් සංවර්ධනයෙන් රට ඉදිරියට ගෙනයාමේ වගකීම අප වෙත පැවැරී ඇත. සියලු දෙනාම එකම ධජයක් යටතේ ජාති භේද පසෙකලා එකතු වී මනුෂ්‍යකමින් පිරිපුන්ව ජාතියේ අභිමානය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන්නේ නම් එය අපි ලබන්නා වූ සුවිශාල ජයග්‍රහණයකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka