gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ යූඑන්පීයයි - මංගල

මහින්ද රාජපක්ෂවත් විදුලි පුටුවෙන් බේරා ගත්තේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බව එතුමාට යළි වතාවක් මතක් කර දිය යුතු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශකර සිටියේ පෙරේදා (02) පස්වරුවේ මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,

"එදා අපි භාරගත්ත රට ලෝකයේ තනිවුණ රටක්. ලෝක නයාකයන් ලංකාවට එන්න බය වුණා. නමුත් අද එහෙම නැහැ ලෝකයේ බලවත් රටවල නායකයන් ලංකාවට එනවා. අපි රට භාරගන්නකොට යුධ අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් නියම කරලා තිබුණා. නමුත් අපේ රණවිරුවන්ට බලපාන්න තිබුණු ඒ ජාත්‍යන්තර පරීක්ෂණය අපි නවත්වා ගත්තා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ඒ මැතිවරණය කළේ තමන්ව විදුලි පුටුවට යවන්න හදනවා කියලා.

ඒ වගේම විදේශ ඇමතිවරයා ලෙස මට මුලින්ම සිදු වුණේ යුරෝපයෙන් මේ රටේ ධීවර ප්‍රජාවට තිබුණු තහනම නැති කරන්න. අගමැතිතුමාගේ නායකත්වයෙන් ඒ තහනම ඉවත් කරගත් නිසා අද ධීවර කර්මාන්තය නැවත දියුණු වී තිබෙනවා. ඒ වගේම GSP + සහනය නැති කළා, කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැහුවා. ඇඟලුම් කර්මාන්තය පමණක් නෙවෙයි රබර් කර්මාන්තය, බයිසිකල් කර්මාන්ත ආදී කර්මාන්තවලට එය මාරු පහරක් වුණා. නමුත් පසුගිය වසරේ මැයි මාසය වන විට අපිට නැවත GSP + සහනය ලබා ගන්න පුළුවන් වුණා. මේක තමයි වෙනස. ඒ පමණක් නෙවෙයි ආර්ථිකය ප්‍රශ්න මැද වුණත් ශක්තිමත්ව ඉදිරියට යනවා. අපි ගෙවන්නේ අපි ලබා ගත ණය නෙවෙයි මහින්ද රාජපක්ෂ ලබා ගත් ණය. ලෝකය දිනාගෙන අද රට නිවැරදි මාර්ගයකට ගමන් කරනවා. අද අපි ගම දිනවන්න මේ ගමන යනවා."

කැළුම් ජයවීර - මාතර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka