gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙමල ජාතික සන්ධානය නිදහස් උළෙලට නෑ

70 වන ජාතික නිදහස් දින  රාජ්‍ය උත්සවය සදහා තමා සහභාගී නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා උත්සවයේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික  සන්ධානයේ ප්‍රචාරක රැළි පැවතීමත් ඒ වෙනුවෙන් කාලය
වෙන් කර තිබීමත් නිසා මෙම උත්සවයට සහභාගී විය නොහැකි බව මෙහිදී දැනුම්දී තිබේ.

මැතිවරණය හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන  කිසිදු මන්ත්‍රීවරයෙකු නිදහස් උත්සවය සදහා සහභාගී නොවෙනු ඇතැයි  එම සන්ධානයේ  නියෝජිතයින්  සදහන් කර සිටියි.

කෙසේ වෙතත් ශ්‍රි ලංකාව යටත් විජිතභාවයෙන් නිදහස් වී 70වසරක් ගියද ඉන් දෙමළ ජනතාවගේ නිදහස තහවුරු වී නැතැයි කියමින් පෙබරවාරි 4 වනදා කළු කොඩි ඔසවා විරෝධය පල කරන ලෙසට මෙම සන්ධානයේ දේශපාලකයින් පිරිසක් උතුරේ ජනතාව වෙත දැනුම් දී ඇති බවද පැවසේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka