gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිල්ලෙයාන්ටත් පුංචි ආණ්ඩුවේ ආසන 36ක්

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විඩුදලේ පුලිගල් (TMVP) පක්ෂයට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 36ක් හිමිව තිබේ.

එම පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 08කින් එම මන්ත්‍රී ආසන ප්‍රමාණය
දිනාගෙන ඇත.

පිල්ලෙයාන්ගේ පක්ෂයට ඡන්ද 42,365ක් ලැබී තිබේ.

පිල්ලෙයාන් හා එම පක්ෂයේ ප්‍රබලයන්ට පශ්චාත් යුද සමයේදී නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන හා පැහැරගෙනයාම් සම්බන්ධයෙන් මේවන විට චෝදනා එල්ලවී තිබේ.

හිටපු මහ ඇමතිවරයා මේවන විට ද සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොසප් පරරාජසිංහම් මහතා ඝාතන චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබාය.

එම පක්ෂයේ මහ ලේකම්වරයාට ද පුද්ගල පැහැර ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර ඔහු සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බව පැවසේ.

අදාළ, තත්ත්වයන් පරීක්ෂණයට ගෙන බටහිර රටවල් මේවන විට ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් දේශපාලන සාක්ෂරතාව අඩු ඡන්ද දායකයින් සිටින රටක් බවට වර්ගකර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka