gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය කූඩැල්ලෝ ලංකාවට ගේන ජාවාරමක 2ක් අල්ලයි

මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා (13 දා) සවස 6.00 ට පමණ මෙම වැටලීමේදී පුත්තලම - කරඹ ප්‍රදේශයේ නිවසක් තුළ ගබඩා කර තිබියදී මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වියලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 699 ක් සහ විලයන ලද මෝර වරල් කිලෝ ග්‍රෑම් 625 ක්
සැකකරුවන් සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතිකයින් දෙදෙනා තමිල්නාඩුවේ පදිංචිකරුවන් බවට හෙලිවී ඇත.

ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගය ඔස්සේ මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් මෙරටට ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවලආරච්චි,උපපොලිස් පරීක්ෂක ප්‍රසාද් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka