gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඳුර ආලෝකයට හැරවු රාත‍්‍රිය උදාවෙයි

මහා ශිව රාත‍්‍රිය දිනය අදට(13) යෙදී තිබේ.

ලොව පුරා හින්දු ජනතාව ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම අද දිනයේ විශේෂත්වයක් වෙයි.

අඳුර ආලෝකයට හැරවූ රාත‍්‍රිය ශිව රාත‍්‍රිය ලෙස හින්දු බැතිමතුන් සලකනු
ලබයි.

ශිව රාත‍්‍රිය නිමිත්තෙන් උපවාසයේ නිරත වන හින්දු බැතිමතුන් මධ්‍යම රාත‍්‍රියේ පැවැත්වෙන පූජාවෙන් එම උපවාසය අවසන් කරනු ලබයි.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අද දිනට යෙදී ඇති ශිව රාත‍්‍රිය වෙනුවෙන් සමස්ථ හින්දු බැතිමතුන් වෙත මහා ශිව රාත‍්‍රී දින පණිවිඩයක් එක් කර ඇත.

ඒ අනුව, "මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල්වන ප්‍රඥා ලෝකය පැතිරේවා" යන ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසි හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවස ශීලය සමාදම් වන්නා වූ මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනයද සමගිනි.

පංචේන්ද්‍රියන්ට නතුව සිත අයලේ යා නොදීල නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව  භක්තිකයන් විසින් පිළිගනු ලබන උපවාස අතර මහාශිව රාත්‍රී උපවාසය සුවිශේෂී තැනක් හිමිකර ගනී.

මෙදින  නොනිදා රැය පහන් කරමින් එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන  තමන් විසින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමනස්සයන් දුරස් වී සිතට ශාන්තියත් නිරත කාර්යන්හි ජයග්‍රහනයත්, අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.

එසේම මෙම ශිව රාත්‍රී වත්පිළිවෙත් සමඟ මිනිසා තුළ ඇති මමත්වයත්, අහංකාරයත් නැති වී එයින් ස්වකීය ජීවිතය සුඛිත මුදිත කරගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන්ගේ පිළිගැනීම වී තිබේ.

ඒ අනුව මහාශිව රාත්‍රී උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතුවිලි නැමැති අඳුර දුරලා, ප්‍රඥාව නැමැති ආලෝකය දල්වාලයි. ඒ අනුව එය මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට ද මං පාදයි.

මානව සංහතිය යහමඟ යවන්නටත් ආගමික විශ්වාසයන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ  තහවුරු කරන්නටත් හේතුවන මහාශිව රාත්‍රී දිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි." යනුවෙන් එය දක්වා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka