gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභයගේ ඉල්ලීමට මහාධිකරණයෙන් දුන් තීන්දුව

ඇවන්ගාඞ් ගනුදෙනුවට අදාළ නඩුවකින් තමන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද (02) ප‍්‍රතික්ෂේප කළා. මෙම නඩුව ගොනුකර තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකු විසින්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් ඇවන්ගාඩ්
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මීට පෙර නඩුවක් ගොනු කර තිබුණා. එය ඉවත දමන ලෙසයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ.

එහි නියෝගය නිකුත් කරමින් කොලඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න පවසා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අදාළ නඩුව ගොනු කර ඇති බැවින් විත්තිකරුවන් මෙම නඩුවෙන් මුදා හැරිය නොහැකි බවයි.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බව පවසමින්  අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka