gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් වටයකින් ආ ගාල්ලේ කෙළිකාරයෝ

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සඳහා තරඟ කළ විවිධ පක්ෂවල බල කණු රැසක් පරාජයට පත්වී තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදි හිටපු ප්‍රබලයන්
පිරිසක් අලුත් වටයකින් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

එ.ජා.නි සන්ධානයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කළ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන ගුණරත්න වීරකෝන් මහතා පරාජයට පත් අපේක්ෂකයන් අතර සිටින ඉහළම තනතුරක් දැරූ පුද්ගලයාය.කලක් පලාත් සභා අමාත්‍යවරයෙකු හා පසුව නැවත ලදිංචි කිරීමේ ඇමතිවරයා ලෙස කටයුතු කළ ඔහු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට අයත් හිපන්කන්ද කොට්ඨාසය සඳහා එ.ජා.නි සන්ධානයෙන් තරග කොට ඡන්ද 403 ක් ලබාගෙන තුන්වැනි තැනට පත්විය.

එම කොට්ඨාසය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 1959 ක් ලබාගෙන ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කරනු ලැබූ පළාත් පාලන ආයතනය වන්නේද කරන්දෙණිය ප්‍රාදේශීය සභාවයි.ලබාගත් ඡන්ද ප්‍රතිශතය 63.5 කි.

එමෙන්ම මෙවර මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාව සඳහා එ.ජා.නි. සන්ධානයෙන් තරග වැදුණු ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා ,හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන ගැමුණු ප්‍රේමලාල් , දේශප්‍රිය ලියනගේ , එ.ජා.පයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන ප්‍රභාත් සෙනෙවිරත්න , සෝමදාස මාදම්පාගම,ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වැදුණු හිටුපු නාගරික මන්ත්‍රී දුමිඳු කාරියවසම් යන මහත්වරු පරාජයට පත් වූහ.

එමෙන්ම අක්මීමන ප්‍රාදේශීය සභාව සඳහා එ.ජා.නි සන්ධානයෙන් තරග කළ කුසුම්සිරි උදාන , නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අජිත් එ‍ඬේරආරච්චි යන මහත්වරු මෙන්ම හිටපු උපසභාපතිවරු මන්ත්‍රීවරු රැසක් පරාජයට පත්වූහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ එ.ජා.ප යේ හිටපු මන්ත්‍රීන් රැසක්ද පරාජයට පත්වී තිබේ.අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලක්ෂ්මන් හේවගේ , බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම විපක්ෂනායකවරයෙකුද වන ලයනල් ඉපලවත්ත යන මහත්වරුද මෙවර මැතිවරණයේදී පරාජයට පත්වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka