gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරාය සේවකයෝ වැඩවර්ජනයකට සැරසෙයි !

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ස්ථිර විසඳුමක් ලබා නොදීම නිසා එය තවදුරටත් ප්‍රමාද වන්නේ නම් සේවක අගරගලයක් සිදු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වාරය අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා කියා සිටී.

අර්ධ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා වාරාය අධිකාරියේ වසර තුනකට
වරක් වැටුප් වැඩි කිරීමක් සිදුකරන බවත්, එය අවසන් වරට සිදුකර ඇත්තේ 2015 දී බවත් වාර්තා වේ.

එම වසරේදී රැපියල් 9,000ක දීමනාවක් සමඟ 15% ක වැටුප් වැඩිකිරීමක් සිදුකර තිබේ.

වසර 2018 දී වැටුප් වැඩි කිරීමට තීරණය කිරීම සඳහා 2017 වර්ෂයේ සැප්තැම්බර් මස වැටුප් වැඩි කිරීම පිළිබඳ කමිටුව රැස්වී ඇති අතර, එහිදී ශ්‍රී ලංකා වරායඅධිකාරියේ වෘත්තීය සමිති ඒ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.

කමිටුව දෙවරක් රැස්වී එම යෝජනා හා අදහස් සමාලෝචනය කර ඇති බවද පැවසේ.

මේ අතර, 2018 ජනවාරි 22 වැනිදා විශයභාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා සේවක වැටුප් වැඩි කිරීම් රුපියල් 500ක් සමගින් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට නියමිත බව පවසා ඇති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka