gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දය ඉල්ලා ගෙට ගිය ආධාරකරුවන්ගේ පහත් ක්‍රියාවෙන් තරුණිය රෝහලේ

ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යමින් සිටි පිරිසක් විසින් ඊයේ (04) රාත්‍රියේ එක් නිවසකදී සිදු කරන ලද පහත් ක්‍රියාවක් හේතුවෙන් එහි සිටි තරුණියක් කම්පන තත්ත්වයකට පත්වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

මේ හේතුවෙන් අදාළ තරුණිය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට
ඇතුළත් කර තිබෙනවා.

ඊ‍යේ (04) දින රාත්‍රියේ පුත්තලම - නල්ලන්දළුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇති වුණා.

ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ නල්ලන්දළුව පදිංචිව සිටි රිෆායි රිෆා නැමැති අවුරුදු 16ක තරුණියක්.

කල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් ඊ‍යේ රාත්‍රියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හේතුවෙන් මෙලෙස නිවෙස් වෙත පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී ඔවුන් විසින් අධික ශබ්දයක් ඇති රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වා ඇති බවත් එසේ දල්වන ලද එක් රතිඤ්ඤාවක් නිවසක් තුලට විසි කර ඇති බවත් පොලීසියට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන්.

එහිදී මෙම නිවසේ සිටි තරුණිය කම්පනයට පත්ව ඇති අතර කඩිනමින් ඇයව රෝහල් ගත කෙරුණා. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka