gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදු නොගෙවා ගෙනා රත්‍රං හොර පාරේ පිට රට යවලා !

බදු සහන මත මෙරටට ගෙන්වනු ලබන රුපියල් බිලියන ගණනක්‌ වටිනා රත්‍රං හොර පාරෙන් නැවත වෙනත් රටවලට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක්‌ පිළිබඳව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය 2016 සහ 2017 යන වර්ෂවලදී මෙරට ආනයනකරුවන් රුපියල්
බිලියන එකසිය විසිහතක රත්‍රං බදු සහන මත ආනයනය කර තිබේ.

ඉන් නීත්‍යනුකූල ලෙස අපනයනය කර ඇති ස්‌වර්ණාභරණ හි වටිනාකම රුපියල් බිලියන පහක්‌ පමණක් බව පැවසේ.

එම වාර්තා අනුව රුපියල් බිලියන එකසිය විසි දෙකක රත්‍රං ඉහත දෙවසර තුළ මෙරට පුද්ගලයන් මිලට ගත යුතු වන අතර එවැනි ප්‍රමාණයක්‌ අලෙවි වූයේද යන්න පිළිබඳව සැක මතුව ඇත.

 එහෙයින් මහ බැංකුවේ උපදෙස්‌ මත මේ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකාරියේ විශේෂ පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ වැඩ කටයුතු අරඹා තිබේ.

ඔවුන් සියලු ආනයනකරුවන් ගෙන්වන ලද රත්‍රං ප්‍රමාණය නැවත අලෙවි කළ ප්‍රමාණය ඇතුළු සියලු තොරතුරු රැස්‌ කරමින් පවතින බව සඳහන් වේ.

මෙම රත්‍රං හොර රහසේ බෝට්‌ටු මගින් ඉන්දියාව වෙත යෑවෙන බවට මේවන විට සැක පලවී ඇති අතර ඉතා රහසිගතව ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා තලෙයිමන්නාරම් ඌරුමලෙයි මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ද ගෙන තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka