gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උදේම ඡන්ද පොළට ආපු අය මෙන්න - (photos)

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පළාත් පාලන ආයතන 340ක් සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (10) පෙරවරුවේ පොළොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ජනපති පුත් දහම් සිරිසේන ද මීට එක්ව සිටියා.















කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ සිය ඡන්දය සලකුණු කිරීම සිදු කළා.

























පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 443 ක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම මීට සුළු මොහොතකට පෙර වීරකැටිය මැදමුලන ඩි.ඒ රාජපක්ෂ මහ විදුහලේ දී සිදු කළා.



















විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කළා.


















මේ අතර කෑගල්ල රන්වල පුරාණ විහාරස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළා.





















එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද කුලියාපිටියේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේදීයි.




















සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිය පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න  සමග අද (10) උදෑසන බේරුවල හෙට්ටිමුල්ල විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළා.


















ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පී. හැරිසන් ද අද උදෑසන සිය ඡන්දය අනුරාධපුර මරදන්කඩවල ශ‍්‍රී රාහුල මහා විද්‍යාලයේදී ප‍්‍රකාශ කළා.


















මේ අතර අද උදෑසන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ බදුල්ල පිටවලගම ඡන්ද මධ්‍යස්ථානයේදී.























ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණගුංග අද උදෑසන ගම්පහ උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේදී සිය ඡන්දය භාවිතා කළා.



















පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද උදෑසන 7.35 ට පමණ බත්තරමුල්ලේ, දකුණු තලංගම විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා.




















මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක අද පෙරවරුවේ මහනුවරදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළා.















gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka