gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිම්බාබ්වේ පිල හමුවේ මැතිව්ස් ප්‍රමුඛ සිංහ පැටව් ලද අමිහිරි පරාජය - (Video)

ශ්‍රී ලංකාව කණ්ඩායම සමග පැවති එක්දින තරගයෙන් ලකුණු 12 ක ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුනා.

බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ එක් තරගයක් වන මෙම තරගය පැවැත්වුනේ ඩකාහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන්
පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් රැස් කළා.

ශිකන්දර් රාසා නොදැවී ලකුණු 81 ක් ලබාගත්තා.

හැමිල්ටන් මසකඩ්සා 73 යි. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 38 යි.

පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3 ක් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 48ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 278ක් පමණයි.

තිසර පෙරේරා නොදැවී යි. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට වැඩි දායකත්වයක් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ලකුණු 80 ක් ලබා සිටියදීයි.

පන්දු 83 කින් රැස් කළ එම ලකුණු 80 ට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.

උපුල් තරංග ලකුණු 11 කට සහ කුසල් මෙන්ඩිස් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

ඇන්ජෙලෝ මැතිව්ස් 42 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ක් ලබාගත්තා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka