gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

LTTE සංවිධානය වළ දැමූ රත්තරං හොයන්න කැනීම්

එල් .ටී .ටී.ඊ සංවිධානය අවසන් යුධ සමයේ  මුලතිව් මුල්ලිවයික්කාල්  ප්‍රදේශයේ රත්රන් තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (17) මුලතිව් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයිකාල් ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.

මුලතිව් ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත මුලතිව් පොලිසිය විසින්
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැනීම් සිදු කෙරිණි.

පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් නො ලැබිණි.

පොලිසිය පැවසූවේ අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් මුලතිව් ‍මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට කැනීම් කටයුතු නවතා දැමු බවයි.

මීට පෙරද අවස්ථා ගණනාවකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ හා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල් .ටී .ටී.ඊ සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නො ලැබිණි.

කැනීම් වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ල මුලතිව් පොලිස් නිළධාරීන්ල මුලතිව් නාවික හමුදා නිළධාරීන්ල මුලතිව් යුධ හමුදා නිළධාරීන්ද එක්ව සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka