gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී මරන්න කොටි කතකට අනුබල දුන් තිදරු මවට වූ දේ

ඊ. පී. ඩී. පී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාව ඝාතනය කිරීමේ උත්සාහ ගත් මරාගෙන මැරෙන කොටි කාන්තාවකට අනුබල දීමේ චෝදනාවකට වරදකාරිය වූ කාන්තාවකට අත්හිටවූ සිරදඬුවමක් නියම වී තිබේ. ඒ කොලඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගේ නියෝගයකට.

තිදරු මවක් වන ඇයට රුපියල් 25000ක දඩයක්ද නියම කර තිබෙන බව
සදහන් වෙයි.

වසර 6ක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ නිසා ඇයට මෙසේ අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇති බව පැවසෙයි.

මන්ත්‍රී දේවානන්ද මහතා ඝාතනය කිරීම සදහා අනුබල දුන් ඇය යාපනය පදිංචිකාරිනියක් වන අතර වයස අවුරුදු 43ක කාන්තාවක් බවත් සදහන්. ඇය නමින් සෙල්වකුමාර් සත්‍යලිලාය.

2004 මාර්තු මස 01 දා හා ජුලි මස 07 දා අතර කාලය තුළදී කොල්ලුපිටියේදී මන්ත්‍රී දේවානන්ද මහතාව ඝාතනය කිරීම සදහා දැනට මිය ගොස් සිටින ත්‍යාගරාජා ජයරාණි නමැත්තියට ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා හයක් යටතේ විත්තිකාරිනියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.

ඇය අත්අඩංගුවට ගන්නා විට ඇයගේ වයස අවුරුදු 29ක් වන අතර මේවන විට ඇයගේ පුතනුවන් විශ්ව විද්‍යාල සිසුවකු බවත් දියණිය උසස්පෙළ හදාරන බවත් සදහන්ය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන ඇයට 25000ක දඩයක් හා මාස 24ක සිරදඬුවමක් නියම කර එය වසර 15ක කාලයකට අත්හිටුවීමට අධිකරණය තීරණය කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka