gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාමත් මට්ටු නොවුණු මාරක ජල්ලිකට්ටු යළිත් අරඹයි

තෛපොංගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකම දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව සිදුකෙරෙන බව වාර්තාවේ.

මෙම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ලවී ඇති අතර එය
දැඩිසේ ගවයා පීඩනයට පත්කරන ක්‍රීඩාවක්ද වේ.

මෙම ක්‍රීඩාවේදී ගවයන් සමග පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් ඉතා අවදානම් සහගතව ක්‍රීඩාවේ යෙදෙයි.

ජල්ලිකට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මියයාම හෝ තුවාල ලැබීම සිදුවිය හැකි අතරම ගවයා හඹායමින් ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයන් තුවාල ලැබීම හෝ මියයාමද සිදුවිය හැකිය.

දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය. මේ නිසා ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.

ගවයාගේ අංවල වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන අතර,ශ්‍රී ලංකාවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව තහනම් නැතත්, මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩා පැවැත්වීම තහනම්ය.

මේ දිනවල කිලිනොච්චිය පෙරියපරන්තන් සහ යාපනය දිස්ත්‍රික්කයේදී ස්ථාන කිහිපයක ජල්ලිකට්ටු ක්‍රීඩාව පැවැත්වීමට පියවර ගෙන ඇත.

ජල්ලිකට්ටු ක්‍රීඩාවට විරෝධය පළ කරන බොහෝ පිරිස් කියා සිටින්නේ සූදුවට ඇබ්බැහි වී සිටින ඇතැම් තරුණයන් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත්, දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කළ නොහැකි බවත්ය.

තෛපොංගල් සමය නිසා මේ දින කීපය ඊට ඉඩ දෙන නමුත්, ජල්ලිකට්ටු ක්‍රීඩාව දිගටම සිදුවන්නේ නම් ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කොට එය උතුරේ සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවද විරෝධය පළ කරන පිරිස් කියා සිටිති.

( වවුනියා මධුසංක අමරසිංහ )



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka