gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදහසේ ක්‍රිකට් ගහන්න මැතීව්ස්ගෙන් ආරාධනයක්

මෙවර 70 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව පැවැත්වෙන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා එක්දින පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් විසින් බංග්ලාදේශ ටෙස්ට් සහ විස්සයි විස්ස පිලේ නායක ශකීබ් අල් හසන්ට ඇරියුම් කර තිබේ.

ඒ අනුව එම ආරාධනය පිළිගත් ශකීබ් අල් හසන් ශ්‍රී ලංකාවේ නිදහස්
කුසලාන තරගාවලියට එක්වීමට ලැබීම විශේෂ අවස්ථාවක් බවත්, එයට ස්තූතිය පුද කරන බවත් සඳහන් කළේය.

මෙරට 70 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ද 70 වැනි සංවත්සරය යෙදී තිබේ.

ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය රටවල් අතර සමගිය, සහජීවනය හා සහෝදරත්වය එකට එක් කෙරෙන කදිම අවස්ථාවක් බව බංග්ලාදේශයට ඇරියුම් කරමින් මැතිව්ස් කියා සිටියේය.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 8 වැනිදා සිට 20 දක්වා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka