gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

UN එක හෙට හා අනිද්දා මෙරට ළමුන් ගැන සමාලෝචනයක !

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ජිනීවාහිදී හෙට (15) හා අනිද්දා (16) ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සමාලෝචනයක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම කමිටුව විසින් පෙබරවාරි 02 වැනිදා දක්වා ගෝතමාලා, පැනම, සීෂෙල්ස්, ස්පාඤ්ඤය, සොලමන් දූපත්, පලු සහ මාෂල් දූපත් සමාලෝචනය කිරීමට නියමිතය.

මෙහිදී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRC) විසින් අනුමත කර ඇති රාජ්‍යන් තම වගකීම්වලට අනුකූලව කටයුතු කරන ආකාරය ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් නිරීක්ෂණය කිරීමට නියමිතය.

ජිනීවාහි පැවැත්වෙන රැස්වීමේදී කමිටු සාමාජිකයින් විසින් අදාළ රාජ්‍ය නියෝජිතයින් සමඟ සාකච්ඡා සහ පිළිතුරු සැසි ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කමිටුවේ අවසාන ඇගයීමේදී රාජ්‍ය පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත වාර්තා හා පිළිතුරුද, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පාර්ශවයන් විසින් සපයන ලද තොරතුරු මෙන්ම අනෙකුත් එක්සත් ජාතීන්ගේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන වල තොරතුරුද පදනම් කරගන්නා බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka