gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෛපොංගල් සමරන්න ගිය තරුණයන් දෙදෙනෙක් මෝටර් රථයෙන් ගිය අවසන් ගමන - (Photos)

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අළුයම මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද දිනට යෙදී ඇති තෛපොංගල් සැමරුම හේතුවෙන් උත්සව අවස්ථාවකට සහභාගී වී මෙම තරුණයින් දෙදෙනා මෝටර් රථයකින් අධික වේගයෙන් පැමිණ ඇති අතර වව්නියාව මන්නාරම් ප්‍රධාන මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී අළුයම (12.30) ට පමණ මෝටර් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව පෙරලී ගොස් විදුලි කනුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අද (14) උදෑසන මිය ගොස් තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි රමේෂ් නදීෂාන් හා 21 හැවිරිදි රවින්ද්‍රන් ප්‍රභාත් යන තරුණයින් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු මේ වන විට වව්නියාව මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තාවන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka