gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් පාස්පොර්ට් එකේ චිප්එකක් !

මෙම වසරේ නිකුත් කිරීමට නියමිත නව විදේශ ගමන් බලපත්‍රයේ එහි හිමිකරුගේ පෞද්ගලික තොරතුරු ගබඩා කළ හැකි ක්ෂද්‍ර චිපයක් අඩංගු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන පාලක නිහාල් රණසිංහ මහතා පැවසුවේ නව විදේශ ගමන් බලපත්‍රයේ ඇති නව්‍යතා හේතුවෙන් ව්‍යාජ විදෙස් ගමන්බලපත්‍ර සකස්කිරීමට ඇති ඉඩකඩ විශාල වශයෙන් අහුරා ඇති බවයි.

මයික්‍රෝ චිපයේ ඇඟිලි සලකුණු ඇතුලු පෞද්ගලික තොරතුරු ගබඩා කර ඇති බැවින්, ලේඛන අහිමිවූ අවස්ථාවකද හිමිකරුට පහසුවෙන් නව ලේඛන ලබාගැනීමට අවස්ථාව උදාවන බවද ඔහු කීය.

අතිරේක ආරක්ෂණ සලකුණු හේතුවෙන් එම ගුවන් ගමන් බලපත්‍රයට ලෝකයේ ඉහල පිළිගැනීමක් ලැබෙනු ඇති බවට ද ඔහු විශ්වාසය පල කළේය.

මෙම ගමන් බලපත්රය අවුරුදු 10 ක් වලංගු වේ.

අලුතින්ම ගුවන් ගමන් බලපත්‍රයක් ගන්නා අයට ඊට අදාළ අතිරේක තොරතුරු රැගෙන මෙම නව ගුමන් ගමන් බලපත්‍රය මුළින්ම නිකුත්කරන බවත්, පරණ ගුවන් බලපත්‍ර ඇති අයට එහි වලංගු දිනය අවසන් වන තෙක් එය භාවිත කළ හැකි බවද ඔහු කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka