gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්කසන්තුරයට ගිය සුඛෝපභෝගී දුම්රියේ එන්ජිම ගිනිගෙන අතරමගදී නවතී - (Video)

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ  සුඛෝපභෝගී දුම්රිය එන්ජිමක් තුළ හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.

චාවකච්චෙරි ප්‍රදේශයේදී අද (15) දහවල් 12.35 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ රියදුරු හා සහායක වහාම ක්‍රියාත්මක වී දුම්රිය ආරක්ෂිත
ස්ථානයක නවත්වා සිද්ධිය පිළිබඳව ගිණි නිවීමේ ඒකකය වෙත දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි ගිණි නිවන හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කල බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දුම්රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් මෙම ගින්න හටගෙන ඇති බවටයි මේ වනවිට සැක පළකරන්නේ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka