gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායි සහ සවුදි රැකියා නිරත ශ්‍රී ලාංකිකයන්ට වැට්‌ බද්දක්.

ඩුබායි සහ සවුදි අරාබියේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන්ටද මේ වසරේ ජනවාරි 1 දා සිට ප්‍රථම වරට වැට්‌ බදු ගෙවීමට සිදුවේ. මේ බව ඩුබායි ආරංචි මාර්ග හෙළි කරයි. මේ අනුව භාණ්‌ඩ සහ සේවාවන් සඳහා සියයට 5 ක වැට්‌ බද්දක්‌ අය කෙරේ. මෙම වැට්‌ බදු සියලු විදේශිකයන්ටද බලපැවැත්වේ. බදු රහිත රටවල් ලෙස දිගු කලක්‌ තිස්‌සේ හැඳින් වූ ඩුබායි
සහ සවුදි යන රටවල්වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල ලෙස පැමිණ ඇත.

මෙම වැට්‌ බදු පෙට්‍රල්, ආහාර, ඇඟලුම්, විදුලි, ජල බිල්පත් සහ හෝටල් කාමරවලටද අය කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ඉල්ලීම් මත මෙලෙස වැට්‌ බදු නියම කර ඇත. ඩුබායි අධිවේගී ගාස්‌තුද ඉහළ නංවා ඇති අතර එහි වෙසෙන ස්‌වදේශික ජනතාව ආදායම් බදුවලින් නිදහස්‌ කර ඇත.

ඩුබායිහි ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 3 ක්‌ද, සවුදියේ 190,000 ක්‌ද වෙසෙති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka