gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ද්‍රවිඩ තරුණයා සිංහල තරුණයන් දෙදෙනකුට ජීවිත වරම් දෙයි

ද්‍රවිඩ තරුණයකුගේ වකුගඩු දෙකක් ඊයේ (15දා) මහනුවර මහ රෝහලේ දී සිංහල තරුණයන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබේ.

මීට සති දෙකකට පෙර හදිසි අනතුරකට ලක්වු මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ රාමසාමි රවිචන්ද්‍රන් තරුණයා පේරාදෙණිය මහ රෝහලේ දැඩි
සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොළය මියගිය බවට වෛද්‍ය නිගමනය වි තිබිණි.

තම දරුවා තව දුරටත් ජිවත් කළ නොහැකි බව අවබෝධ කර ගත් එම තරුණයාගේ මවුපියෝ මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිමේ ඒකකයට පැමිණ තම දරුවාගේ අවයව පරිත්‍යාග කිරිමට කැමැත්ත පළකර සිටියහ. එම කැමැත්ත අනුව එම තරුණයාගේ වකුගඩු දෙක ලබා ගැනිමට පියවර ගැණිනි.

පේරාදෙනිය දන්ත රෝහලේ දැඩි සත්කාර ඒකකයේදි නිර්වින්දන වෛද්‍ය විශේෂඥ සමන් නානායක්කාර මහතා ඇතුළු වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය මගින් අවයව ඉවත් කිරිමේ සැත්කම සාර්ථකව සිදු කිරිමෙන් පසු මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිමේ විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා ඇතුලු වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය විසින් පුද්ගලයින් දෙදෙනෙකුට අවයව බද්ධ කිරිමේ සැත්කම මහනුවර මහ රෝහලේදි සාර්ථකව සිදු කර ඇත.

තම දරුවා ජිවත් කළ නොහැකි බව අවබෝධ කරගෙන ජිවිතයත් මරණයත් අතර සිටි රෝගින් දෙදෙනෙකුට ජිවය ලබාදිමට රාමසාමි රවිචන්ද්‍රන් තරුණයාගේ මවුපියන් කළ පරිත්‍යාගය පිළිබදව වෛද්‍ය අබේසිංහ මහතා සිය ඒකකයේ ස්තුතිය ද පුදකර සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka