gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිළිකා රෝගීන් රැගෙන යන බස් රථයට ගල් ප්‍රහාර

නුවරඑළිය දිස්ත්‍රිකයේ රාගල සිට පිළිකා රෝගීන්ගේ සහ ඥාතිහිතවතුන්ගේ පහසුව සඳහා මහරගම අපේක්ෂා රෝහල තෙක් ධාවන අරඹා ඇති වලපනේ ඩිපෝවට අයත් ලංගම බස් රථය සඳහා අතරමගදී මැර තර්ජන සහ ගල් ප්‍රහාර එල්ල වන බව වාර්තා වේ.

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට පසුගිය ජනවාරි 2දා සිට රාත්‍රී 11.30ට
වලපනෙන් පිටත් වන මෙම බස් රථය පසුදා පෙරවරු 6.30ට මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණෙන අතර නැවත එදින පෙරවරු 11.30ට ගමන් ආරම්භ කර පස්වරු 6.00ට වලපනේට ළගා වෙයි.

මෙම බස් රථය සඳහා ජනවාරි 4දා කොට්ටාවේදීත් ජනවාරී 9දා කෑගල්ලේදීත් ජනවාරි 10දා පන්නිපිටියේදී ත් 14දා මහනුවරදීත් මැර තර්ජන සහ ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර එයින් එම බස් රථයට හානි සිදුවී තිබේ.

පිළිකා රෝගීන් වෙනුවෙන් කැපවූ මෙම බස් රථයට මෙලෙස අමානුෂික ප්‍රහාර එල්ල කරනුයේ එම මාර්ගයේ ගමන් ගන්නා වෙනත් බස් රථ හෝ කාර්යාල ප්‍රවාහන සේවා පවත්වාගෙන යන්නවුන් විසින් මෙහෙයවන මැර කණ්ඩායම් විසින් බව ලංගම සේවකයන් පවසන අතර එම ප්‍රහාර සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානවලට ද පැමිණිලි කොට ඇතත් මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොමැති බව එම සේවකයෝ සඳහන් කරති.

එමෙන්ම එම බස් රථයේ ගමන්ගන්නා මගීන් පවසන්නේ මෙබඳු අනාරක්ෂිත තත්ත්වයක් මත මෙම බස් රථයෙන් පිළිකා රෝගීන් ප්‍රවාහන කිරීම බෙහෙවින් අන්තරාකාරී ක්‍රියාවක් බවයි.

මූලාශ්‍ර - ලක්බිම

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka