gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුද්දේ දෙන සුද්දෝ 2ක් පොලිසිය සොයයි (photos)

මාරවිල - කටුනේරිය ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 28,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන ගිය විදේශිකයින් දෙදෙනෙකු පිළිබදව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය 14 වැනිදා සවස පා ගමනින් ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ ඇති
විදේශිකයින් දෙදෙනා ගෙන් එක් අයෙකු එහි සේවකයෙකුගෙන් කිලෝ ග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිළ විමසා ඇත.

ඒ අතර අනෙක් විදේශිකයාද එම සේවකයාගෙන් විවිධ ප්‍රශ්ණ අසා ඇත.

අනතුරුව මෙරට ඇති වැඩිම වටිනාකමක ඇති මුදල් සම්බන්ධයෙන් විමසා සේවකයා අත තිබූ මුදල් දැක ගැනීමට අවශ්‍ය බව පවසා ඒ අතර එම විදේශිකයා ඉතාමත්ම සුක්ෂම ලෙස සේවකයා අත තිබූ රුපියල් 28,000 ක මුදලක් වංචා කළ බව එහි සේවකයින් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

විදේශිකයින් දෙදෙනා ඉන්ධන පිරවුම්හලෙන් පිටව යන ආකාරය එහි සවි කර ඇති ආරක්ෂිත කැමරා වල සටහන් වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඔවුන් යතුරු පැදියකින් පලා ගොස් ඇති බව පසුව කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.

මෙම විදේශිකයින් දෙදෙනාම මීට මාස 03 කට පමණ පෙර හලාවත නගරයේ පිහිටි රෙදි පිළි අලවි සැළකින්ද මේ ආකාරයටම වංචා සහගත ලෙස මුදල් රැගෙන පලා ගොස් තිබුණි.

ජූඩ් සමන්ත - හලාවත වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka