gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතුරුසිංහ පුහුණු කළ කණ්ඩායම අද පළමු සටන අරඹයි

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (17) පැවැත්වෙනවා.

එ් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

මෙම වසරේදී ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගය මෙය වන
අතර චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකාර තනතුරට පත්වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා පිළ මුහුණ දෙන පළමු තරගයද මෙය වනවා.

දිවා රාතී‍්‍ර තරගයක් ලෙස මිර්පූර් හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.

එම කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සිය වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයද මෙය වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම කී‍්‍රඩාංගණයේදී මේ දක්වා සහභාගි වූ එක්දින තරග 17න් තරග 12ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.

මෙම කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 20කට සහභාගි වූ සිම්බාබ්වේ කණ්ඩායම ඉන් ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වැනි ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම එහි දස වැනි ස්ථානයේ පසුවනවා.

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා එක්දින තරග 55ක් පවත්වා ඇති අතර ඉන් තරග 43ක ජය වාර්තා කර ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. සිම්බාබ්වේ කණ්ඩායම ශී‍්‍ර ලංකාවට එරෙහිව ජයගෙන ඇත්තේ එක්දින තරග 10ක් පමණයි. ඉකුත් වසරේ ජූලි මාසයේදී පළමු වරට ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka