gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යතුරුපැදියෙන් ඉගිල්ලූනු තරුණයා පාලමකින් ඇද වැටී මිය යයි…

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් තරුණයෙකු පාලමකින් ඇදවැටී තරුණයෙකු මිය ගොස ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

මෙසේ මියගොස් ඇත්තේ වට්ටකච්චි ගම්මානයේ පදිංචි විසි දෙහැවිරිදි රාසේන්ද්‍රන් සර්වානන්දන් නැමති අයෙකු වන අතර අදාල මරණය
සම්බන්ධයෙන් නිවසේ උදවිය පොලීසියට පවසා ඇත්තේ ගමනක් මිතුරෙකුගේ නවසකට යාම සඳහා ඔහු අළුයම් කාලයේදී නිවසින් පිටත්ව ගිය බවයි.

කිලිනොච්චිය පොලීසිය පවසුවේ යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කළ මෙම තරුණයා යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිව පාලමේ ගැට්ටේ වැදී පාලමෙන් පහල පිහිටි ඇළට වැටී ඇති බවයි.

මියගිය තරුණයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේදී පැවත්වීමට නියමිතව අති අතර එතෙක් මළ සිරුරට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

කිලිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

- වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka