gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජල රොකට්ටුවෙන් රාජකීයයෝ ගිනස් පොතට

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය සිසුන් සමත් වී තිබේ.

2013 වසරේ දී චීනයේ කුන් යික් ශී ද්විතියික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස්
වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගියදා (10දා) එම වාර්තාව අලුත් කොට තිබේ.

මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය පෙරේදා (15දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා ලෝක විද්‍යා දිනය සැමරීමට සමගාමීව මෙම ජල රොකට් ගුවන්ගත කිරීම සිදුකොට ඇති අතර, ජල රොකට් ගුවන්ගත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් ගිනස් වාර්තාවක් බිහි වන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.

විද්‍යාවේ සහ තාක්ෂණයේ නව අත්හදාබැලීම් වෙත යොමුවෙමින්, ජයග්‍රහණ අත්පත් කරගන්නා නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ක්‍රියාත්මකව පවතින බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

එමෙන්ම රටේ නම ජාත්‍යන්තරයට ගෙනයන, නව දැනුම සමග පෙරට යන විශිෂ්ට දරුවන් රටකට සම්පතක් බවද සඳහන් කළ අමාත්‍යවරයා, ගිනස් වාර්තා තැබූ රාජකීය දරුවන්ට ඔවුන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් සිය ප්‍රශංසාවද පළ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka