gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනවාරි 24 රවිගෙන් විශේෂ ප්‍රකාශයක් !

බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් හා ඒ ආශ්‍රිතව මතුව ඇති දේශපාලන ගැටළු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ලබන 24 දා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව ඔහුගේ නීතිඥ කණ්ඩායමේ ප්‍රධානියකු පැවසිය.

මේ දිනවල බැඳුම්කර කොමිසම් වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව
පැවසු එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, කොමිසම් වාර්තාව හා එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතිය අමතා කල ප්‍රකාශයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් බරපතල පරස්පරතා තිබෙන බවද කියා සිටියේය.

වැඩිදුරටත් තොරතුරු දැනගැනීම සඳහා අප රවී කරුණානායක මහතා සම්බන්ධ කර ගැනීමට දැරු උත්සාහය අසාර්ථකවිය.

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කරගනිමින් මාධ්‍ය හරහා එල්ලවූ බලපෑම් හමුවේ රවී කරුණානායක මහතා පසුගිය අගෝස්තු 10 වෙනිදා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර පාර්ලිමේන්තුව අමතමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා කියා සිටියේ, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වන බවය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka