gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම අධිකරණ ඇමති මිසක් නඩුකාරයා නෙමෙයිනේ"- තලතා

විසඳුම් ලබාදීම සඳහා 650,000ක පමණ නඩු ප්‍රමාණයක් ඉතිරිවී ඇති බවත්, අධිකරණය විසින් කරුණු සලකා බලා ඉදිරියේදී නඩු තීන්දු ලබාදෙනු ඇති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය, නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ, ඊයේ (18දා) බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති
ජනහමුවක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

"මම අධිකරණ ඇමති මිසක් නඩුකාරයා නෙමෙයිනේ. අධිකරණය ස්වාධීනයි. අධිකරණය සියලුම කරුණු සලකා බලා අපරාධකරුවන්ට, මිනීමරුවන්ට සිල්රෙදි සිදුවීමේදී දුන්නා වගේ තීන්දු තීරණ ඉදිරියේදී ලබාදෙයි. කවුරු කරුණු ඔප්පු කරනවාද කියන්න බැහැ. කටයුතු පහසු කිරීම සඳහා අධිකරණයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා මිසක් මම තීන්දු ලියන්නේ නැහැ. කඩිනම් කරන්න අපි වැඩ ගොඩක් කරලා තියෙනවා. 650,000ක නඩු ප්‍රමාණයක් දැනට ඉතිරි වෙලා තියෙනවා. මේ  ප්‍රමාදය අපි අවම කරගෙන යනවා". යැයි පැවසීය.

තවද මේ වසරේ රත්නපුරේ අලුත් උසාවි සංකීර්ණයක් ඉදිකරන බවත් මාතලේ  මහාධිකරණයක් ඉදිකළ බවත් ඇය කියා සිටියාය. තවද  පරණ ක්‍රමය වෙනුවට මේ වසරේ සිට නඩු කටයුතු ස්වයංක්‍රීයව සිදු කිරීමට  ආධාර ලැබී ඇති බවද ඇය පවසා සිටියාය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka