gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු විස්‌සක තරුණියක්‌ හොරෙන් කළ වැඩේ මාට්ටු

සොරා ගන්නා ලද ක්‍රෙඩිට්‌ කාඩ් පතකින් වංචනික ලෙස වෙළෙඳසල්වලින් භාණ්‌ඩ ලබා ගත් වයස අවුරුදු විස්‌සක තරුණියක්‌ මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනේරිය බුළුගහවැව ප්‍රදේශයේ පදිංචි මාරවිල පොලිස්‌ වසමට අයත්
තරුණියක්‌ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල - කීනකැලේවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිය ක්‍රෙඩිට්‌ කාඩ් පත සොරකම් කර ඇති බවට මාරවිල පොලිsසියට සිදු කළ පැමිණිල්ලකට අනුව බැංකුවෙන් ලබා ගත් තොරතුරු මත ප්‍රදේශයේ වෙළෙඳසල්වල ආරක්‌ෂිත කැමරාවල සටහන් රූප රාමු පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී මෙම තරුණිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් මාරවිල හා නාත්තන්ඩිය නගරයේ වෙළෙඳසල්වලින් රුපියල් 39,757 ක්‌ වටිනා භාණ්‌ඩ ක්‍රෙඩිට්‌ කාඩ් පතින් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාව මීට මාස පහකට පමණ පෙර විවාහ වී ඇති අතර ඇයගේ සැමියා ඔහු සේවය කරන ස්‌ථානයේ පුද්ගලයකුගෙන් මෙම ක්‍රෙඩිට්‌ කාඩ් පත සොරාගෙන ඇති බවද අනාවරණය විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka