gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරලා ජනපතිට සහය දෙන්න පොරොන්දු වෙයි !

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණී ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය ඊයේ (06) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූවාය.

නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ සහ ජාතිය
ගොඩනංවන පුථල් මෙහෙවරක් උදෙසා කැපවන්නට සිටී තම පියාගේ දේශපාලන ගමන් මග මෙහිදී සිහිපත් කළ සරලා අතුළත්මුදලි මහත්මිය අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කරමින් ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ඩනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර පිළිබඳව ද ඇගේ ප්‍රශංසාව හිමිව තිබේ.

ජනපතිවරයාගේ එම වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බව ද ඒ මහත්මිය එහිදී සිරිසේන මහතාය පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විය.

මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ජනතාව අතර ප්‍රකට වූයේ මහපොළ ශිෂ්‍යධාර ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙසිනි.

ඒ මහතා 1993 අප්‍රේල් මාසයේදී සහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka