gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නායකයා තෝරන්න චන්දික ලැබ්රෝයි හා හතුරුවෙලා

ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා තේරීම සම්බන්ධයෙන් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි අතර ගැටුමක් නිර්මාණය වී ඇතැයි  වාර්තා වේ.

අදාළ ගැටුම ලිහා ගැනීමට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල
හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද මැදිහත්වීමට සිදුවන තරමට එය දුරදිග ගොස් ඇති බවද වාර්තා වේ.

එංගලන්තයේදී 2019 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් වසරක පමණ කාලයක් ඉතිරිව ඇති අතර එම තරගාවලිය දක්වා ස්ථිර නායකයකු පත්කිරීමට මේවන විට අවධානය යොමුව තිබේ.

චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව අතර පසුගියදා පැවැති පළමු හමුවේදීම එක්දින පිලේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් පත්කරන ලෙස ඉල්ලා තිබිණි.

මෙහිදී හතුරුසිංහගේ පළමු තේරීම බවට පත්ව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ය බව පැවසේ.

ඔහු නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළහොත් පමණක් එය චන්දිමාල්ලට ලබාදෙන ලෙස හතුරුසිංහ ඉල්ලා තිබේ.

තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා එම යෝජනාවට විරෝධය දක්වා තිබේ.

කෙසේවුවද, තිසර පෙරේරා සමඟ තමන්ට සාර්ථක ගමනක් යා නොහැකි බවට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ට දන්වා ඇති බවත් එයට සාර්ථක ප්‍රතිචාරයක් මේ වනවිටත් ක්‍රිකට් ප්‍රධානීන් දක්වා ඇති බවත් වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka