gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිලිනොච්චියේ යුද හමුදාව දමා හේන් කොටති..

‘යලි අපි නැගිටිමු අටුකොටු පුරවමු’ යන තේමාව මුල් කරමින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් කිලිනොච්චියේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට ඇත.

මේ වන විටත් කිලිනොච්චියේ අනෙකුත් යුදහමුදා කඳවුරුවලට 
ආදර්ශයක් වශයෙන් 57 වන සේනාංකයට අයත් කිලිනොච්චියේ කනකම්බිගයි කුලම් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ භූමි ප්‍රමාණයක් සියලු එලවළු වර්ග වලින් යුක්ත ගොවිපලක් යුදහමුදාව විසින් පවත්වාගෙන යන අතර එම ගොවිපල නිරීක්ෂණය කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥපති මෙජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාද පැමිණියේය.

කිලිනොච්චියේ සියලු යුද හමුදා කඳවුරු තුල කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ එක් පියවරක් වශයෙන් සියලුම එළවළු වර්ගවලට අයත් පැල වර්ග කිලිනොච්චිය 57 වන සේනාංකයේදී 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව .යුද හමුදා කඳවුරු තුල එලවළු වගාවන් කිරීමට අවශ්‍ය  එවලළු පැල බෙදා දීම සිදු විය.

ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමය වඩාත් පුලුල් කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති මෙම වැඩසටහනට කිලිනොච්චියෙ සියලු යුද හමුදා කඳවුරුතුල එලවළු වගාවන් සිදුකොට යද හමුදාවට අවශ්‍ය සියලු එලවළු එම කඳවුරු තුලින්ම ලබා ගැනීම එහි එක් අරමුණක් වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka